FAST NEWS

24×7 Around the Globe

වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කීරීමට කැබිනට් අනුමැතිව හිමීවෙයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (පෝට්‌ සිටි) නැවත ආරම්භ කිරීම සඳහා කැබිනට්‌ අනුමැතිය ලැබී ඇත.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආශ්‍රිතව පැනනැගුණු සියලු ගැටලු අදාළ චීන සමාගම සමඟ විසඳාගෙන ඇති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහතා පවසයි.
වරාය නගර ව්‍යාපෘතිය නතර කරන ලද්දේ පරිසර පද්ධතියට හානිවන බවට ගෙනගිය විරෝධතාව හේතුවෙනි.
මෙම ව්‍යපෘතිය සඳහා චීනය ඩොලර් බිලියන 1.5 ක්‌ වැය කරයි. මෙහි ඉදිකිරීම් ආරම්භ වූයේ 2014 සැප්තැම්බර් 17 වැනිදාය.