“යුද්ධයේදී කවුරුන් හෝ වැරදි කර ඇත්නම් දඬුවම් විඳිය යුතු බවත් සුදු කොඩි සිද්ධිය ගැන ජාත්‍යන්තර නිරීක්ෂකයන් මැදිහත්වීමෙන් විධිමත් පරීක්ෂණයක් අනිවාර්යෙන්ම කළ යුතු බවත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවසීය.
සුදු කොඩි සිද්ධියේ ඇත්ත නැත්ත මේ රට වගේම ජාත්‍යන්තරයත් දැන ගත යුතු බව කී ෆොන්සේකා මහතා 2005 ජනාධිපතිවරණයේදී උතුරේ දෙමළ ජනතාවගේ ඡන්දය ගැනීමට වේළුපිල්ලේ ප්‍රභාකරන්ට රුපියල් මිලියන 200ක මුදල් මල්ලක් දුන් බව බැසිල් රාජපක්ෂ මහතා එදා තමා සමග පැවැසූ බවද ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවැසීය.
‘මේ මම ඇමතිවරයෙකු වුණාට පස්සේ කරන පළමු කතාව. අස්ගිරි මහ නායක හිමියන්ගේ වියෝව ගැන කනගාටු වෙනවා. රාජිත, චම්පික ඇතුළු පිරිසක් මැදිහත්වී මට මේ ඇමතිකම ලබාදුන්නා. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. සුරාබදුවලින් රජය ආදායම් ලැබීම සතුටුදායක දෙයක් නොවෙයි. රට විපතට ගෙනිච්චේ සුරාවයි. මේ රටේ එතනෝල් කාරයෝ ඉන්නවා. මේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. මේකේ සමහරුන්ට බාර් දහය පහළව තිබෙනවා. මේවායින් රජයට අදායම් එන්නේ නැහැ.
අප තණ්හාවට නිල නාම ගන්න උත්සාහ දැරුවේ නැහැ. අපි රට වෙනුවෙන් වැඩ කළා. හමුදාවේ කීර්තිනාමය රැකගත්තා. අප අමාරු කාලේ ඇමෙරිකාවට පැනලා ගිහිල්ලා සල්ලි හම්බ කළේ නැහැ. මම හමුදාපති තනතුරට ආවේ කෙලින් වැඩ කරලයි. ඒ තනතුරට එන්න රාජපක්ෂ පවුල උදවු කළේ නැහැ. අපට රටේ බලෙන් අල්ලන්න කුමන්ත්‍රණ කරන්න වුවමනා වුණේ නැහැ. ඒ අය අපේ කේන්දර අරගෙන හොරෙන් බැලුවා. හමුදාපතිවරුන් හොඳ කේන්දර තියෙන අය තමයි. තානාපතිකමක් හැර වෙන බලාපොරොත්තු අපට තිබුණේ නැහැ. ෆීල්ඩ් මාෂල් තනතුරු දීම ගැන ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මම රටට මවට මෙන් ආදරය කළා.
එක් ලක්ෂ දහසය දහසක් තිබුණු හමුදාව මම ලක්ෂ 2ක් කළා. යුද්ධයට වියදම් වුණේ නැහැ. ඒවාට ගෙවන්න පටන් ගත්තේ 2012දීයි. වියදම් කරලා පතොරම් ගන්න මුදල් නැතිවුණා. පසුව පාකිස්ථාන හමුදාපති එක්ක සාකච්ඡා කරලා පතොරම් ටිකක් ගෙන්වා ගත්තා. 2005 ජනාධිපතිවරණයේදී පාලකයා ප්‍රභාකරන්ට මිලියන 200ක් දුන්නා. ඒ කළේ යාපනයේ දෙමළ අය ඡන්දයදීම වළක්වන්නයි. බැසිල් රාජපක්ෂ මේ මුදල් මල්ල පිටින් දුන්නු බව ඔහු මට කිවුවා. ත්‍රස්තවාදියාට මුදල් දුන්නොත් ඒ අයට එල්ලුම් ගහ උරුම විය යුතුයි. 2010 මැතිවරණයේදී සාධාරණ අයුරින් ජනාධිපතිවුණේ නැහැ. විදේශීය මැතිවරණ නිරීක්ෂකයන් තදින් හිටිය නිසා 2015 දී ඒක කරන්න බැරි වුණා. දැන් මාතර කට්ටඬියා අපට කටු ගහනවලු. මගේ බෙල්ලට කටුවක් ගහපු නිසා උගුර ටිකක් අමාරු වුණා.
මට බොරු චෝදනා පත්‍රයක් හදලා හිරේ දැම්මා. ආසාධාරණ ක්‍රම‘වේදයක් හරහා නඩු ඇහුවේ. මම ජනාධිපතිවරණයට ආපු නිසා ඔහු මගෙන් පලිගත්තා. පලිගැනීමක් වුණේ නම් වුණේ ෆොන්සේකාට පමණක් කියලා බැසිල් කිවුවා. මම යටතේ කටයුතු කළා කියලා බ්‍රිගේඩියර්ලා 10ක් ගෙදර යැවුවා. නින්දිත ආකාරයට අපෙන් පලිගත්තා. යුද්ධයේ ගෞරවය ගන්න එයාලා කටයුතු කළා. පොත් ලිවුවා. යුද්ධය ඉවර වෙලා නැතිව තියෙද්දී පාලකයා එයාර් පෝර්ට් එකේ තාර ගොඩ ඉම්බා. යුද්ධය අන්තිම කාලයේදී මා ඉවත් කළා. යුද්ධය කෝප්‍රල්ලාට පැවරුවා. සුදු කොඩි චෝදනා ආවේ මේ නිසයි. කිරි කළයට ගොම බිංදුවක් දැම්මා වගේ වැඩක්. ගෝඨාභය ඇමෙරිකාවේ කළේ ටින්කරින් වැඩ. ඔහු මේ යුද්ධයට දායකත්වය දුන්නේ නැහැ. අප ජනවාරි 08 වැනිදා ඒකාධිපති බිංදුවටම බැස්සුවා. අද කන්න බොන්න අමාරු වුණත් මිනිස්සු නිදහසේ ජීවත්වෙනවා. මේ ගැන එජාප නායකයාට එජාප පාක්ෂිකයාට ස්තුතිවන්ත වෙනවා. දුකසැප නිති පෙරළේ රියසක ලෙස ලෝකේ . දූෂිත පුද්ගලයන්ට දඬුවම් දිය යුතුයි. එය ජනතාව බලාපොරොත්තු වෙන වේගයෙන් අද සිදු වන්නේ නැහැ. අද මම මෙතැන ඇමති. හිටපු පාලකයෝ අද මන්ත්‍රී. බලය දරන කොට අත්හරින්න වෙන බවත් සිතන්න ඕන.
මා යුද්ධය කළේ ජිනීවා සම්මුතියට අනුවයි. වැරදි කළා නම් දඬුවම් විඳින්න ඕන. සුදු කොඩි පරීක්ෂණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි. ඒ ගැන ඇත්ත කවුරුත් දැන ගත යුතුයි. මාත් ඝාතනවලට පටලවන්න හැදුවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු අයට දඬුවම් දෙන්න. 18 වැනි සංශෝධනයෙන් ඒකාධිපතියෙකු බිහිවුණා. උඩුවේ ධම්මාලෝක හිමියෝ අත්අඩංගුවට ගත්තා නම් ගෝඨාභයත් අලි හොරකමට අත් අඩංගුවට ගන්න ඕන.
පවුල්වල අයගෙන් පළිගන්න එපා කියලා මහින්ද අද කියනවා. එතකොට අපේ පවුලෙන් පළිගත්තා. ඒක පවුලක් නොවෙයිද? අපේ දරුවන්ට හිරිහැර කළා. එයාගේ දරුවෝ විතරද දරුවෝ. ඔහු පළිගැනීමේ අන්තයට ගිය අයෙක්. තාත්තගේ අම්මගේ සොහොන ගහන්න නාගරික අධිකාරියේ මුදල් යොදා ගත්තා. උතුරෙන් අල්ල ගත්තු රත්රන් රාජපක්ෂලා හොරකම් කළා. මේවාට දැඩි දඬුවම් දෙන්න ඕන. ගෝඨාභය අලුත් පක්ෂයක් හදන්න සිතීම මිථ්‍යාවක්. දවල් වැටුණු වලේ රෑ වැටෙන්න එපා.”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.