FAST NEWS

24×7 Around the Globe

මහින්ද, රනිල්, චන්ද්‍රිකා, ජේ.ආර් සියල්ලටම තිබ්බේ එකම ප්‍රතිපත්තියක් – අනුර

මහින්ද, රනිල්, චන්ද්‍රිකා, ජේ.ආර් මේ සියලූ දෙනා අනුගමනය කළේ එකම ආර්ථික ප්‍රතිපත්තිය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සදහන් කලේ ඔවුන් අතර ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වුණේ ඇඳුමෙන්, භාෂාවෙන් හා ක්‍රිකාරිත්වයෙන් පමණක් බවයි.
මහින්ද සිංහලෙන් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කොට රනිල් ඉංග්‍රිසියෙන් ඒ දේම කල බව අද (10) කොළඔ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව පැවසීය.
මේ එහි දී තවදුරටත් අදහසු දැක් වූ අනුර දිසානායක –
වර්තමාන අගමැතිවරයා මුදල් ඇමතිවරයා හා ජනාධිපතිවරයා පත්වී මාස 14ක කාලයක් ගතවී තිබෙනවා.
 
දින 100 ආණ්ඩුව කාලයේ මිනි බජට් එක කියලා අතුරු අයවැයක් ගෙනාවා.
 
පසුගිය නොවැ. 05වැනිදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය‘මධ්‍යකාලීන ආර්ථික සැලැස්ම’ කියලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
 
ඉන් පස්සෙ රවී කරුණානායක මුදල් ඇමතිවරයා විසින් 2016 සඳහා අයවැයක් ඉදිරිපත් කළා.
 
ඉන් අනතුරුව තෙවැනි වර කියවීමේ අවස්ථාව වනවිට මුදල් ඇමතිවරයාගේ මුල් අයවැය විශාල වෙනස්කම්වලට භාජනය කෙරුණා.
 
ඒ මොහොතේ කාටූන් ඇන්දා, රවීගේ අයවැයේ ඉතිරි වුණේ ‘ගරු කථානායකතුමනි’ කියන කෑල්ල විතරයි කියලා.
 
දෙසැම්බර් මාසයේ මෙම අයවැය සම්මත වුණේ, යෝජනා ගණනාවක් කප්පාදුවීමෙන් අනතුරුවයි. මාස 03ක් ගතවීමටත් පෙර පසුගිය අඟහරුවාදා රනිල් වික්‍රමසිංහ විසින් ඊට පරිබාහිරව තවත් යෝජනා ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ගෙනාවා.
 
ආර්ථිකයේ මහ ලොකු ඔස්තාද්ලා කියපු, එජාප ආණ්ඩුවක් ආවාම සාක්කු පිරෙනවා කියපු, ආර්ථිකයේ පිමි පනිනවා කියපු මිත්‍යා මතය දැන් බිඳවැටී තබෙනවා.
 
මහ ලොකුවට පම්පෝරි ගහපු මේ ආර්ථික විශේෂඥයින්ට මාස 03කට කලින් ආර්ථිකය පුරෝකථනය කරන්න බැරිවෙලා තිබෙනවා.
 
දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කළ අයවැය මාස 03කින් වෙනස් කරනවා. ඒකෙන්ම පේනවා මේ ආණ්ඩුවේ ආර්ථික දැක්ම මොකක්ද කියලා.
 
අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුව බදු හරහා ජනතාව විශාල පීඩාවකට පත් කරමින් ඉන්නවා.
 
පසුගිය අයවැයේදී භාණ්ඩ සඳහා 08%කුත් සේවා සඳහා 12.5%කුත් වශයෙන් වැට් බද්ද නියම කළා.
 
පසුගියදා අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුුව 08% හා 12.5% ලෙස තිබූ භාණ්ඩ හා සේවා සඳහා වැට් බද්ද 15%ක් දක්වා වැඩිකළා.
 
මේ අනුව භාණ්ඩ හා සේවා මිල ගණන් විශාල ලෙස ඉහළ යනවා.
 
අපේ රටේ පෞද්ගලික අංශය දක්වා ප්‍රසාරණය වී තිබෙන සෞඛ්‍ය, අධ්‍යාපන වැනි සේවාවල පවා මිල ඉහළ යනවා.
 
මේ ආකාරයෙන් රටේ දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් කප්පාදු කරන්න ආණ්ඩුව කටයුතු කරනවා.