FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්දට එරෙහි ලංගම පෙත්සම ජුනි 27 විභාගයට ගැනේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශව කරුවන් කිහිප දෙනෙකුට එරෙහිව ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම ජූනි මස 27 වනදා දක්වා කල් තැබීමට කොළඹ වාණිජ මහාධිකරණය අද (10) තීරණය කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන රැස්වීම් සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදාගැනීම මඟින් එම මණ්ඩලයට සිදුකළ රුපියල් මිලියන 40කට වැඩි පාඩුව අය කර දෙන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.