FAST NEWS

24×7 Around the Globe

ඇඹීලිපිටිය සුමිත් ප්‍රසන්නගේ සිරුර ගොඩ ගැනීමට නව දිනයක් නියම කරයි.(Update)

ඇඹීලිපිටිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ලබන 15 වැනිදා ගොඩගෙන දෙවනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (10) නියෝග කළේය.
සිරුර අද ගොඩ ගැනීමට නියමිව තිබුනත් කොළඹ ප්‍රධානඅධිකරණ වෛද්‍යවරයාට වෙනත් අධිකරණයක පෙනී සිටීමට සිදු වූ නිසා එය කල් ගියේය.
+++++++++++++++++++++(update)
ඇඹිලිපිටිය සුමීත් ප්‍රසන්නගේ දේහය ගොඩ ගැනීම කල් යයි.
අධිකරණ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද (10) දිනයේ ගොඩගැනීමට නියමීතව තිබු ්‍ර සාදයක් අතර තුර ඇතිවු ගැටුමකින් මරණයට පත්වු සුමිත් ප්‍රසන්නගේ දේහය ගොඩගැනීම කල් දමා ඇති බව වාර්තා වේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමීතව සිටි අධිකරණ වෛද්‍යවරයාට පැමිණීමට නොහැකි බව දැනුම්දීම හේතුවෙන් මෙලෙස එම කටයුත්ත කල් දමා ඇති බව වැඩි දුරටත් වාර්තා.