FAST NEWS

24×7 Around the Globe

පිල්ලෙයියාන් නැවතත් රිමාන්ඩ් කිරීමට නියෝග.

හිටපු නැගෙනහිර මහ ඇමති පිල්ලෙයියාන් නමින් හඳුන්වන සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතා එළැඹෙන 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපු මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර තිබේ.

2005 දෙසැම්බර් මස 25 වැනි දා මඩකලපුව මරියාල් පල්ලියේ නත්තල් යාඥාවට සහභාගී වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉකුත් 2015.10.09 වැනි දා කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන දිගටම රඳවා ගෙන විමර්ශන කර ඇත.