FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි මීසයිලයකට සවි කිරිමට පියවර ගනී.

සිය න්‍යෂ්ටික අවි මිසයිලයකට සවි කළ හැකි ලෙස කුඩාවට සංවර්ධනය කිරීමට උතුරු කොරියානු විද්‍යාඥයන් සමත් ව සිටින බව එරට නායක කිම් ජොං උං මහතා සඳහන් කරයි.
උතුරු කොරියාව මේ වනවිට න්‍යෂ්ටික පිපිරවීම් 04ක් සිදුකළ ද ඔවුන්ගේ න්‍යෂ්ටික තාක්ෂණය මගින් මිසයිලයකට සවි කළ හැකි ආකාරයේ කුඩා න්‍යෂ්ටික බෝම්බයක් සෑදීමට සමත් වී නොමැති බව අමෙරිකාව මීට පෙර ප්‍රකාශ කර ඇත.
එහෙත් උතුරු කොරියානු නායකයා ඊයේ (08) තම රටට එවැනි හැකියාවක් ඇති බවට ප්‍රථම වරට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබේ.