FAST NEWS

24×7 Around the Globe

නාලක ගොඩහේවා ඇතුළු තිදෙනාට එරෙහි නඩුවට දින නියම කරයි.

මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු තිදෙනාට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.
ඒ අනුව ජුලි මස 26 වැනිදා නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට අයත් රු.මිලියන 5ක මුදලක් නීති විරෝධී ලෙස නිල් බලකාය නමැති සංවිධානයට ලබාදීමට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.