FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංගම සේවකයෝ රුපියල් දසදහසක් ඉල්ලයි.

උත්සව අත්තිකාරම් වශයෙන් රාජ්‍ය සේවකයින්ට ලබාදෙන රුපියල් දසදහසක මුදල ලංගම සේවකයන්ටද ලබාදෙන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ඉල්ලීමක් කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පවසන්නේ පසුගිය වසරේ උත්සව අත්තිකාරම් වශයෙන් ලබාදුන්නේ රුපියල් 2500ක මුදලක් පමණක් බවයි.
දුම්රිය සේවකයන් හට රුපියල් දසදහසක් උත්සව අත්තිකාරම් වශයෙන් ලබාදීමට පියවර ගෙන ඇතත් ලංගම සේවකයන් හට එය ලබානොදීම කනගාටුදායක බව හෙතෙම පවසයි.