FAST NEWS

24×7 Around the Globe

අගමැතිගේ බදු සංශෝධනය පිළිබදව අනුර කුමාර දින දෙකක විවාදයක් ඉල්ලයි.

අයවැය බදු යෝජනා යළි සංශෝධනය කරමින් අගමැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳ දෙදිනක විවාදයක්‌ අවශ්‍ය බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
මීළඟට පාර්ලිමේන්තුව රැස්‌වන 23 සහ 24 යන දින දෙක මේ විවාදය සඳහා ලබා දිය යුතු බවද කී දිසානායක මහතා අගමැතිවරයා මධ්‍යකාලීන අයවැයක්‌ ඉදිරිපත් කළ අතර එවැනිම තවත් අයවැයක්‌ දැන් ඉදිරිපත් කළ බවද කිවේය. රවි කරුණානායක මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ අයවැයට වූයේ කුමක්‌දැයි දන්නේ නැතැයිද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
2016 අයවැය ඉදිරිපත් කරද්දි රුපියල් බිලියන 8500 ක්‌ ණය පවතින බව ප්‍රකාශ කළද අද වන විට එය රුපියල් බිලියන 9500 ක්‌ බවට අගමැතිවරයා ප්‍රකාශ කිරීම නිසා ණය සීමාව පිළිබඳ ගැටලුවක්‌ පවතින බවද අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මෙයින් පැහැදිලිවන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරු අසත්‍ය තොරතුරු බව යෑයිද කී දිසානායක මහතා මේ සම්බන්ධව දෙදිනක විවාදයක්‌ අවශ්‍ය බවද කීවේය.