FAST NEWS

24×7 Around the Globe

සන්ධාන මහලේකම් ධූරය මහින්ද අමරවීරට.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා ලෙස පත් කරගැනීම ඊයේ (08දා) පස්වරුවේ සිදුකෙරිණි. එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, එහිදී වූ එකඟතාවයෙන් මෙම පත්කිරීම සිදු කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නියෝජනය කරමින්ඒවායේ නියෝජිතයන් ඊයේ පැවැති විධායක සභාවට සහභාගි වූ අතර, විශ්වා වර්ණපාල මහතාගේ වියෝවෙන් පුරප්පාඩු වූ සන්ධාන මහලේකම් ධුරය ඒ අනුව සම්පූර්ණ වනු ඇත.