FAST NEWS

24×7 Around the Globe

තොරතුරු දැන ගැනීමේ පනත මෙම සතිය තුල නිසැකවම පාර්ලිමේන්තුවට.

තොරතුරු දැන ගැනීමේ පනත මේ සතිය තුල නිසැකවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා සදහන් කරයි.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
තොරතුරු දැනගැනීමේ පනත සදහා උතුරු පළාත් සභාව හැර අනෙකුත් සියලු පළාත් සභා වල අනුමැතිය ලැබී ඇති බවත් උතුරු පළාත් සභාවේ අනුමැතියද ඊට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් නියෝජය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කීය.