FAST NEWS

24×7 Around the Globe

අසාද් සාලි සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙයි.

තමන් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව අසාද් සාලි මහතා පවසයි.
ඉන්දියා – ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කිරීම හේතුවෙන් තමන් මන්ත්‍රී තනතුරින් ඉවත්වූ බව හෙතෙම කීවේය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැනුම්දුන් බවද මන්ත්‍රීවරයා පැවසීය.
අසාද් සාලි මහතා පසුගිය පළාත් සභා මැතිවරණයේදී එජාපයෙන් මධ්‍යම පළාත් සභාවට තේරී පත්විය.