FAST NEWS

24×7 Around the Globe

මුදල් ඇමතිට රවීට එරෙහිව විශ්වාසභංගයක් අද පාර්ලිමේන්තුවට.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අද (08) පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
අදාළ විශ්වාස භංගය ගෙනඒමේ කටයුත්තට පෙරමුණ ගෙන කටයුතු කරන්නේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා බව වැඩි දුරටත් වාර්තා වේ.
වසර 2016 අයවැය ඉදිරිපත් කර තුන් මසක් ඉක්මයාමටද පෙර මිනි බජට් එකක් ඉදිපත් කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීන්දුවට එරෙහිව අදාළ විශ්වාස භංගය ගෙනඑන බව පැවසේ.
පසුගිය සිකුරාදා පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී මිනි බජට් එකක් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.