FAST NEWS

24×7 Around the Globe

වැදගත් තීන්දු තීරණ ගන්න සන්ධාන විධායක සභාව ජනපති සමග රැස්වෙති.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව අද රැස්වීමට නියමිතව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)  රාත්‍රී සන්ධානයේ විධායක සභා රැස්වීම පැවැත්වෙන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සටියි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව මහලේකම්වරයෙකු පත්කිරීම ඇතුළු පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදි වැඩි අවධානයක් යොමුකිරීමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වේ.
පසුගිය වසරේ මාර්තු මාසයෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව රැස්වී නොමැති අතර සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින්ට මේ සඳහා ආරාධනා කර ඇත.