FAST NEWS

24×7 Around the Globe

ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමට පියවර.

වතු කම්කරුවන්ගේ සුබසාධනය සඳහා ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමට පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යාංශය තීරණ කර තිබේ. වත්මන් තත්වය යටතේ වතු ජනාවාස සඳහා පොදු සේවාවන් සැපයීමේදී ප්‍රාදේශීය සභා අරමුදල් යොදාගැනීම හැකියාවක් නොමැති අතර  එය යොදාගැනීමට හැකිවන ලෙස මෙය සිදුකරීමට නියමිතය.
මේ අනුව 1978 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත සංශේධනය කරන බවත් ඒසඳහා කැබිනට් අනුමැතිය ලැබුණු වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බවත් පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.