FAST NEWS

24×7 Around the Globe

ස්‌වයංපාලනය ලබාගන්නා තුරු අපි ඉදිරියටම

ස්‌වයංපාලනය ලබාගන්නා තුරු අපේ දේශපාලන ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යනවා යෑයි ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ත්‍රිකුණාමලයේ පැවැති තමිල් අරසු කච්චි පක්‍ෂයේ රැස්‌වීමක්‌ අමතා ප්‍රකාශ කර ඇත.

අපේ ඉලක්‌කය තවම සපුරාගෙන නැහැ. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ ෆෙඩරල් පාලනයක්‌ සමග ස්‌වයංපාලනය අපට අවශ්‍ය යෑයි ඔහු කියා සිටියේය.

ද්‍රවිඩ සන්ධානයට සිය දේශපාලන ඉලක්‌ක සපුරා ගැනීමට මෙතෙක්‌ හැකි වී නැතැයි ද සම්බන්ධන් තවදුරටත් පවසා ඇත.