FAST NEWS

24×7 Around the Globe

සංඛ අමරජීත්ව අගමැති නියමයෙන් නැවතත් දෙරණ සේවයේ පිහිටුවයි.

ඉකුත් නිදහස්දා සැමරීමේ සැදෑ උත්සවයේදී ඔපෙරා ගායිකාවක් වන කිෂානි ජයසිංහ විසින් ගායනා කල ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය පිළිබඳව ‘දෙරණ-අරුණ’ වැඩසටහනේදී ද්වේශ සහගතව අදහස් දැක්වූයේ යැයි වන චෝදනාව මත සේවය අත්හිටුවා සිටි නීතිඥ සංඛ අමරජිත් මහතාව යළි සේවයේ පිහිටුවා ඇතැයි වාර්තා වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ලැබුවේ සංඛ කළ අදාළ ප්‍රකාශය විවේචනය කර ඔහුට නිසි මඟ පෙන්වීම බවත්, අදාළ ප්‍රකාශය පදනම් කරගනිමින් සංඛගේ වැඩ තහනම් කර ඇත්නම් එය ඉවත් කරන ලෙස අගමැති කාර්යාලය දෙරණ පාලනාධිකාරියෙන් කළ ඉල්ලීමකට අනුව සංඛට නැවත රැකියාව ලැබී ඇති බව පැවසේ.