FAST NEWS

24×7 Around the Globe

ජා-ඇළ නගරයේ මුල්‍ය ආයතනයක් කොල්ල කති.

ජා-ඇළ නගරයේ මුල්‍ය ආයතනයක රුපියල් ලක්ෂ 15ක මුදලක් කොල්ල කා ඇතැයි පොලීසිය කියයි.

ආයතනයේ මුදල් අයකැමි වාහන අංගනයේ තිබු වාහනයට යමින් සිටියදි පුද්ගලයන්  දෙදෙනෙකු පැමිණ පිහියකින් අත ප‍්‍රදේශයට ඇණ මුදල් කොල්ල කා පළාගොස් ඇතැයි පොලීසිය කියයි.

කොල්ල කරුවන් යතුරු පැදියකින්  පළා ගොස් ඇති බවත් මුදල් අයකැමි තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර ඇති බවත් පොලීසිය කියයි.