FAST NEWS

24×7 Around the Globe

වකුගඩු ජාවාරමට සැකපිට ඉන්දීය ජාතිකයින් 08 හැව්ලොක් ටවුමෙන් අත්අඩංගුවට.

වකුගඩු ජාවාරමට සම්බන්ධ බව කියන ඉන්දීය ජාතිකයින් 08 දෙනකු ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය විසින් වැල්ලවත්තෙන් හා හැව්ලොක් ටවුම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
අත්අඩංගුවටගත් පිරිස අතර වැල්ලවත්තේ තට්ටු ගොඩනැගිල්ලක 07 වැනි මහලේ සිටි හය දෙනකු ද හැව්ලොක් ටවුමේ දෙදෙනකු ද වේ.
බඩේ කැපුම් තුවාල ද සහිතව සිටි මොවුන් අතර රියදුරන් හා ටේලර්වරුන් ද සිටින බව පොලීසිය පවසයි.
මෙම ජාවාරමට සම්බන්ධ තවත් පිරිස් සොයා පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.