FAST NEWS

24×7 Around the Globe

ඇමති රිෂාඩ්ගෙන් ප්‍රථම වරට ශ්‍රි ලංකාවට පාරිභෝගික සතියක් සමග සහන රැසක්.

කර්මාන්ත හා වාණිජ කටයුතු  අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතාගේ සංකල්පයකට අනුව පාරිභොගික ආරක්ෂණ අධිකාරීය විසින් ශ්‍රී ලංකාව තුල ප්‍රථම වතාවට “පාරිභෝගික සතියක්” පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබේ.
මෙවැනි “පාරිභෝගික සතියක්”  සංවිධානය කිරීමේ මුලික පරමාර්ථය ශ්‍රී ලංකික පාරිභෝගිකයන් වෙනුවෙන් සහන සේවා සැපයීම බව අමාත්‍යවරයා ඊයේ (03) පාරිභෝගික ආරක්ෂණ අධිකාරීයේදි මාධ්‍ය හමුවක් පවත්වමීන් අවධාරණය කර සිටියේය.
එ අනුව මෙම “පාරිභෝගික සතියට” සමගාමීව මාර්තු 14 සිට මාර්තු 22 වනදා දක්වා රට පුරා 1000 කට අධික හාණ්ඩ හා සේවා සපයන්නන්  පාරිභෝගිකයන්ට විශේෂ වට්ම් හා සහන සැපයීමට සුදානමීන් සිටිමට එකග වී ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.