FAST NEWS

24×7 Around the Globe

මීගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට.

මීගමුව, කොච්චිකඩේ, මඩම්පැල්ල ප්‍රදේශයේ කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද උදෑසන 8.50ට පමණ යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ය.
මිය ගොස් ඇත්තේ, නිලන්ත චම්පික නමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ, යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ය.
මිය ගිය පුද්ගලයාගේ සිරුර මීගමුව රෝහලේ තැන්පත් කර තිබේ.