FAST NEWS

24×7 Around the Globe

ඥාතී විරෝධතා මැද ඇඹිලිපිටිය සුමීත්ගේ දේහය ගොඩ ගැනීමට නියෝග.

ඇඹිලිපිටිය සාදයක්‌ අතරතුරදී මරණයට පත්වූ සුමිත් ප්‍රසන්න මහතාගේ සිරුර මෙම 10 වැනිදා යළි ගොඩගන්නා ලෙස ඇඹිලිපිටිය අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඊයේ (3 දා) පොලිසියට නියෝග කළේය.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ඇතුළු විශේෂ වෛද්‍ය නිලධාරීන් පිරිසක්‌ ඉදිරියේ සුමිත් ප්‍රසන්නගේ සිරුර මෙසේ ගොඩගන්නා ලෙසට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේ රජයේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙනය.
මෙම නඩුව ඊයේ කැඳවූ අවස්‌ථාවේදී සැකකාර හිටපු සහකාර පොලිස්‌ අධිකාරි ඩී. ඩබ්ලිව්. ඩී. ධර්මරත්න මහතා තවදුරටත් ලබන 16 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සුමිත් ප්‍රසන්නගේ දේහය යළි ගොඩගැනීමට නම් පවුලේ ළඟම ඥාතීයකු දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් හෝ සාක්‍ෂියක්‌ මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීමක්‌ කළ යුතු බව මහෙස්‌ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
එහෙත් සුමිත් ප්‍රසන්න මහතාගේ දේහය යළි ගොඩගැනීම සම්බන්ධව පවුලේ ඥතීන් අධිකරණයේදී විරෝධය දක්‌වා ඇත. රජයේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මහෙස්‌ත්‍රාත්වරයා ඉහත නියෝගය කළේ සුමිත් ප්‍රසන්නගේ දේහය මෙම 10 වැනිදා යළි ගොඩගන්නා ලෙසටය. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය.