FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රීලනිපයට තවත් ඇමති ධුර කිහිපයක්.

තවත් ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තිදෙනෙක් නියෝජ්‍ය ඇමැති ධුරයන්හි දිවුරුම් දීමට නියමිත යයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙම තිදෙනා ගාල්ල, කොළඹ සහ පුත්තලම දිස්ත‍්‍රික්ක නියෝජනය කරන්නෝ වෙති.

මෙසේ නියෝජ්‍ය ඇමැති පදවි හිමිවන්නන් අතර කලින් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති ධුරයක් දැරූ අයෙක් යයිද වාර්තා වෙයි.