FAST NEWS

24×7 Around the Globe

සිරිකොත ඉදිරිපිට විරෝධතාවක්.

සේවයෙන් ඉවත් කලැයි කියන ශ්‍රී ලංගම සේවකයින් පිරිසක් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට දී විරෝධතාවක නිරත වන බව වාර්තා වේ.
ඒ, ඔවුන්ව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් සේවයෙන් ඉවත් කළ බවට චෝදනා කරමිනී.
තමන්ව නැවත සේවයේ පිහිටු වීමට කටයුතු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.