FAST NEWS

24×7 Around the Globe

විදුලි බිඳ වැටීම් ගැන සොයන්න අගමැතිගෙන් පංච පුද්ගල කමීටුවක්

විදුලි බිඳ වැටීම් ගැන සොයා බලා, අනාගතයේ එවැනි සිද්ධීන් වළක්වා ගැනීම පිළිබඳ වාර්තා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශක සී. මාලියැද්ද මහතාගේ සභාපතිත්වයෙන් යුත් මේ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස, තිලක් කොල්ලූරේ, මහාචාර්ය සෑම් කරුණාරත්න, මහාචාර්ය කුමාර් ඩේවිඩ් සහ නෙයොමාල් පැල්පොල යන මහත්වරුන් කටයුතු කරනු ඇත.
කමිටු වාර්තාව සති 4ක් ඇතුළත අග්‍රාමාත්‍යවරයා වෙත බාර දීමට අපේක්‍ෂිතය.