FAST NEWS

24×7 Around the Globe

මාර්තු 18 සිට 22 දක්වා මුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්.

කොළඹ කොටුව හා ගල්කිස්ස දුම්රිය ස්ථාන අතර පාලම ප්‍රතිසංස්කරණය හා නව පාලමක් ස්ථාපිත කිරීමට නියමිත බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව මේ මස මස 18 වැනි දින ප.ව. 8.00 සිට 22 දින ප.ව. 4.30 දක්වා කොළඹ කොටුව හා ගල්කිස්ස දුම්රිය ස්ථාන අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තනි මාර්ගයේ පමණක් දුම්රිය ධාවනය සිදුකරන බව ඒ මහතා පවසයි.
‍මේ හේතුවෙන් මෙම දිනවල සුළු දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවත්‍, සතියේ වැඩ කරන දිනයක් වන ලබන 21 වැනි දිනද මෙම සුළු දුම්රිය ප්‍රමාදය පැවතිය හැකි බවත් ඒ මහතා ජනතාවට දන්වා සිටියි.