FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරිමේ යෝජනාවට ශ්‍රීලනිපයේ සහාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වූ යෝජනාවට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
අදාළ යෝජනාවට සහය පළ කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කල බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කිරීම සඳහා වූ යෝජනාව පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.
අදාළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ලබන 09 වන දින පැවැත්වීමට නියමිත අතර එහිදී එම යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් සහය පළ කිරීමට තීරණය කර තිබේ.