FAST NEWS

24×7 Around the Globe

අපොස සා.පෙළ ප්‍රතිඵල මාර්තු අවසානයේ නිකුත් කෙරේ.

අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසාන සතියේ නිකුත් කිරීමට හැකිවන බව විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 05 වැනිදා අවසන් වන බවත් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට සිදුවුවත් ප්‍රතිඵල නිකුත් කිරීම සාමාන්‍ය වසරවල මෙන් මේ වසර තුළදීත් මාර්තු අවසාන සතියේදී නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙන බවද දෙපාර්තුමෙන්තුව වැඩි දුරටත් අවධාරණය කර සිටියි.