FAST NEWS

24×7 Around the Globe

ශ්‍රිලනිපයේ මධ්‍යම කාරක සභිකයෝ හදිස්සියේ ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙති.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හදිසි රැස්වීමක් අද (02) පැවැත්වීමට නියමිතය.

අද රාති‍්‍ර 7ට මෙම රැස්වීම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන බව  දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡ කිරිමට නියමීත බවත් එසේම පක්ෂයේ විනය කඩකර ඇති සාමාජිකයින්ට එරෙහිව ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා බදුන් කෙරෙනු ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

මීට අමතරව පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබවද වැඩි වශයෙන් සාකච්ඡා කිරිමට අපෙක්ෂිත පැවසේ.