FAST NEWS

24×7 Around the Globe

අද පස්වරුවේ මහනුවර නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක්.

මහනුවර නගරයේ පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙස මාර්ග කිහිපයක එක් දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමේ පෙරහුරුවක් අද (01) පස්වරුවේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අද පස්වරු 03.30 සිට රාත්‍රී 07.30 දක්වා මහනුවර මහ නගර සභාව, පොලීසිය හා මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

ඒ අනුව විලියම් ගොපල්ලව මාවතේ එක් දිශාවකට පමණක් වාහන ගමන් කරන අතර එය නගරයෙන් පිටවීම සඳහා භාවිතා කිරීමට සැළසුම් කර තිබේ.