FAST NEWS

24×7 Around the Globe

යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණී.

තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ‍යෝෂිත රාජපක්ෂ මහතා එම පෙත්සම මගින් අවධාරණය කර ඇත.

ඒ අනුව තමන් ඇප මත මුදාහරින්නැයි කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට නියෝගයක් කරන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර තිබෙන බව වැඩි දුරටත් වාර්තා වේ.