FAST NEWS

24×7 Around the Globe

ඇමති සෙන්දිල් තොන්ඩමන්ව අත් අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු.

ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා අත්අඩංගුවට ගන්නැයි හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය අද (01) වරෙන්තු නිකුත් කළේය.

2014 වසරේදී එවකට රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයා වූ පී. දිගම්බරම් මහතා ගමන් කළ වාහනයකට මග හරස් කර බාධා කළ බව කියන සිද්ධියකට ආදාළව මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

සිදුධියට අදාළ නඩුව හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (01) කැඳවනු ලැබු අතර සෙන්දිල් තොණ්ඩමන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කරමින් අධිකරණය වෙත කියා සිටියේ සිය සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බවය.

මහේස්ත‍්‍රාත් අධිකරණය එම වෛද්‍ය වාර්තාව ප‍්‍රතික්ෂේප කළ අතර ඒ අනුව සෙන්දිල් තොණ්ඩමන් මහතා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරුණී.

එම නඩුව ලබන සැප්තැම්බර් 6 වෙනිදා නැවත විභාගයට ගැනීමට මහසේත්‍රාත්වරයා දින නියම කළේය.