FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදීයකුට අසීලාචාර වචනයෙන් බැන්නාට ඇමති කිරි ඇල්ලව පිළිකුල් කරයි.

අද‘ පුවත්පතේ මාධ්‍යවේදී අමීත් මදුරංග මහතා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අපහාසාත්මක හා අසීලාචාර වචනයෙන් බැන වැදීම පිළිබඳව  ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය විරෝධය උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ප්‍රකාශ කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

“ඇමතිවරයා අමිත් මදුරංග මාධ්‍යවේදියාට පරුස වචනයෙන් තර්ජනාත්මක ස්වරයෙන් බැණ වැදී තිබේ.තමුසේ, අයිසේ වැනි වචන පමණක් නොව ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ කළ නොහැකි වචන ද  භාවිත කර ඇත.

ඒක පාර්ශ්වික වාර්තාකරණයක් වෙනුවට සමබර වාර්තාකරණයක් සඳහා ඇමතිවරයාගෙන් කරුණු විමසීමේදී ඔහු දැක්වූ ප්‍රතිචාරය අප දකිනුයේ සමස්ත ජනමාධ්‍යවෙත කරන ලද බරපතල තර්ජනයක් ලෙසය.

පාර්ලිමේන්තුවේ සභානායකවරයා ද වන ආණ්ඩුවේ වගකිව යුතු තනතුරක් ද උසුලන ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ඇමතිවරයකු මෙලෙස කටයුතු කිරීම මාධ්‍ය සංවිධානයක් ලෙස අපි දැඩි පිළිකුළෙන් හෙළා දකිමු.

යහපාලනය මෙන්ම මාධ්‍ය නිදහස පිළිබඳ  කතාබහ කරන වත්මන් ආණ්ඩුව, ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි අවධාරණය කරමු”