FAST NEWS

24×7 Around the Globe

යෝෂිත ඇතුළු පස්දෙනාගේ ඇප පිළිබඳව නීතිපති සමග විවාදය මාර්තු 08.

යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනකු තමන් වෙත ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන අයැදුම්පත්‍රය සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග විවාදය ලබන මාර්තු මස 08 වැනිදාට කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (29) නියෝග කළේය.

මුදල් උපයාගත් ආකාරය තහවුරු කරගත නොහැකි ලෙසින් සී.එස්.එන්. නාලිකාව ආරම්භ කර මුදල් විශුද්ධිකරණ පනත සහ ‍පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් කළැයි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනකුගේ ප්‍රතිශෝධන ඇප අයැදුම්පත්‍රය විභාගයට ගත් අවස්ථාවේ දී විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.