හොලිවුඩ් හි ජනප්රියතම සිනමා සම්මාන උළෙල වන ඔස්කාර් සම්මාන උළෙලේ දී වසරේ හොඳම අධ්යක්ෂවරයා ලෙස මෙක්සිකෝවේ අලිහන්රෝ ජී.ඉනරිතු සම්මාන හිමිකර ගත්තේය.
ඔහු එසේ සම්මාන හිමිකරගත්තේ ‘ද රෙවිනන්ට්‘ චිත්රපටය නිර්මාණය කිරීම වෙනුවෙනි.පිට පිටම ඔස්කාර සම්මානය හිමිකර ගත් දෙවැනි මෙක්සිකෝ අධ්යක්ෂවරයා ඉනරිතුය.
ඔහුගේ ද රෙවිනන්ට් චිත්රපටය සම්මාන 12 ක් සඳහා නිර්දේශ විය.
ඔස්කාර් සම්මාන උළෙලේ හොඳව විදේශීය භාෂා චිත්රපටය ලෙස ‘සන් ඔෆ් සෝල්‘ චිත්රපටයට සම්මාන හිමිවිය.
රූම් සිනමාපටයේ බ්රී ලර්සන් හොඳම නිළිය ලෙස මෙවර ඔස්කාර් සම්මානයට පාත්ර වූ අතර ලියනාර්ඩෝ ඩිකැප්රියෝ වසරේ හොඳම නළුවා සම්මානය හිමිකර ගත්තේය. ඒ ‘ද රෙවිනන්ට්‘ චිත්රපටයේ රංගනය වෙනුවෙනි.
88 වැනි ඔස්කාර් සම්මාන උළෙල අද (29) හොලිවුඩ් හි උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.








