FAST NEWS

24×7 Around the Globe

පොහොර මිටියක මිල සීමා කරන්නැයි ජනපතිගෙන් නියෝගයක්.

ගොවීන් සඳහා නිකුත් කරනු ලබන  කිලෝ 50ක පොහොර මිටියක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2500ක මිලට සීමා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

අද(29) පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.