FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් ලොක්කන්ගෙන් කට උත්තර ගනී.

වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ඉහළ පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

තාජුඩීන්ගේ ඝාතනය සිදුවු අවධියෝ නාරාහේන්පිට පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් ස්ථානාධිපති‍ ප්‍රධාන පොලිස් පරීක්ෂක D.K නිශාන්ත පෙරේරා, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා හා කිරුළපන පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ශ්‍යාමන්ත චන්ද්‍රපාල යන නිලධාරින් කැඳවා ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත් බවට රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

2012.05.17 තාජුඩීන්ගේ පියා නාරාහේන්පිට පොලිස් ස්ථානයට කැඳවා එවකට අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක සුමිත් ‍පෙරේරා විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා හමුවට ඔහු (තාජුඩීන්ගේ පියා) ඉදිරිපත් කිරීමට අදාළව මෙම පොලිස් නිලධාරින්ගෙන් රහස් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.