FAST NEWS

24×7 Around the Globe

නොරොච්චෝලේ බලාගාරයේ යළි විදුලි උත්පාදනය ඇරඹේ.

අඩපණ තිබූ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදනය ආරම්භ කර තිබේ.

විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා පැවසුවේ, මේ වන විට එහි එක් යන්ත්‍රයක් මගින් විදුලි උත්පාදනය ආරම්භ කර ඇති බව ය.

තවත් යන්ත්‍රයක කටයුතු අද දිනයේ ආරම්භ කිරීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළේ ය.

විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සඳහන් කළේ, හෙට දිනය වන විට බලාගාරය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බව ය.

නොරොච්චෝලේ බලාගාරය අක්‍රියවීම හේතුවෙන් පසුගිය දිනවල කඩින් කඩ විදුලි බලය අත්හිටුවීමට රජයට සිදුවිය.