එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද (29) පස්වරුවේ සිදු කෙරේ.
ඔහුගේ දේහය මේවනවිට මාදිවෙල ඔබහේන මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.
1936 වසරේ දෙසැම්බර් මස 26 වෙනි දින උපන් විශ්වා වර්ණපාල මහතා මියයන විට 79 වන වියේ පසුවිය.
ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගෙන ඇත.
සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිය දේශපාලන ජීවිතය ඇරඹූ විශ්වා වර්ණපාල මහතා කලක් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.
ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස පත් කෙරුණේ ඉකුත් වසරේ අගෝස්තු මස 14 වෙනිදාය.
වසර 45 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන යමින් “ශ්‍රී ලංකා ෆ්රිඩම් පාටි පොලිටිකල් ප්‍රොෆයිල්” කෘතියද රචනා කළේය.








