FAST NEWS

24×7 Around the Globe

සන්ධාන මහලේකම් ධුරය අමාත්‍ය අමරවීරට?

පුරප්පාඩු වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය ධිවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ලබාදීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු මහලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අභාවප‍්‍රාප්ත වීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය පුරප්පාඩු වී තිබේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ වී නව දේශපාලන පක්ෂයක් බිහිවීම වලක්වා ගැනීම සඳහා, තම කණ්ඩායමේ ශ්‍රීලනිප මන්ත්‍රීවරයකුට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් තනතුර ලබාදීම සඳහා වන ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත ඉදිරි දින කිහිපය තුළදී යොමු කිරීමට ශ්‍රී ල.නි.ප. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී පිරිසක්‌ කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

ඒ අනුව, පුරප්පාඩු වී ඇති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් තනතුර සඳහා ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ද මේවනවිට සාකච්ජාවට බඳුන්ව ඇත.

මහින්ද අමරවීර මහතා මෙන්ම, ඩලස් අලහප්පෙරුම මහතා ද දකුණු පළාත නියෝජනය කරයි.