FAST NEWS

24×7 Around the Globe

මාර්තු සිට රාජ්‍ය සේවක වැටුප රුපියල් 2500 කින් ඉහළට.

2016 අයවැයෙන් ලබාදුන් රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් ඉහළ දැමීමේ පොරොන්දුවට සමගාමීව මෙම වසරේ මාර්තු මස සිට රාජ්‍ය සේවක වැටුප රුපියල් 2500කින් වැඩි කිරිමට  අවශ්‍ය කැබිනට් පත්‍රිකා මේ වනවිට අනුමත වී ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

එමෙන්ම ඉතිරි රුපියල් 7500 ක මුදල ඉදිරි වසර 05 තුළදී ක්‍රමයෙන් මූලික වැටුපට එකතු කිරීමට පියවර ගන්නා බවත්, ඒ අනුව වසර 05කදී රාජ්‍ය සේවකයාගේ අවම මූලික වැටුප රුපියල් 24,250 දක්වා වැඩි වන බවත් ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ ඊයේ (25දා) රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති රජයේ කනිෂ්ඨ සේවකයන්ට රාජ්‍ය කළමනාකරණ සහකාර පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයේදීය.