FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එට්කා සාකච්ඡා නවතයි.

ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් රජය සමග සිදු කරන සාකච්ඡාවල ප‍්‍රගතියක් දක්නට නොලැබෙන බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

ඒ හේතුවෙන් ගිවිසුම සම්බන්ධයෙන් රජය සමග පවත්වන සාකච්ඡාවලින් ඉවත් වීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

එට්කා ගිවිසුම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී ඇති වූ එකඟතාවන් පවා නිසි පරිදි කි‍්‍රයාත්මක කිරීමට රජය කටයුතු කර නොමැති බවටද වෛද්‍ය නලින්ද හේරත් මහතා වැඩිදුරටත් කීය.