FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තු වට රවුම අවට රථ වාහන තදබදයක්

පාර්ලිමේන්තු වටරවුමේ විරෝධයක් නොපවත්වන ලෙසට කඩුවෙළ උසාවිය මගින් තලංගම පොලීසිය ගොන තිබූ වාරණ නියෝගයද නොතකමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර සේවක සංගමය විසින් පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

එම සංගමයේ ලේකම්, බස්නාහිර පළාත් මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ නිවසට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය පළකරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.

ඒ හේතුවෙන් මෙ වන විට පාර්ලිමේන්තට වට රවුම අසළ රථවාහන තදබදයක්ද පවතියි.