FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23 (2) යටතේ එකාබද්ධ විපක්ෂයට වරමක්.

එකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ  ස්ථාවර නියෝග 23 (2) යටතේ  ජාතික වැදගත්කමකින් යුතු  ප්‍රකාශ කිරිමටත්, පක්ෂ නායක රැස්විම් සඳහා  සහභාගී විමටත් අවස්ථාව ලැබී ඇතැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී  වාසුදේව නානයක්කාර මහතා  පවසයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන හා  අගමැති  රනිල් වික්‍රමසිංහ මහත්වරු අතර පැවැති විශේෂ සාකච්ජාවකින් පසු  මෙම තීරණයට  එළැඹ ඇතැයි  නානයක්කාර  මහතා  කියයි.

පාර්ලිමේන්තුවේ ස්වාධින කණ්ඩායමක්  ලෙස පිළිගැනීම හැර  අනෙකුත්  ඉල්ලීම් වලට  එකඟත්වය පළ කර  ඇතැයි ද ඒ අනුව එකාබද්ධ විපක්ෂය ඉදිරියේ දී  පාර්ලිමේන්තුවේ දී  සිදු කිරිමට  නියමිතව තිබු  විරෝ්ධතා  නතර  කිරිමට  පියවර  ගන්නා  බවද ඔහු සඳහන්  කර  ඇත.