FAST NEWS

24×7 Around the Globe

රග්බි ක්‍රීඩක තාජුඩීන්ගේ මරණයට හේතුව අධිකරණය ප්‍රකාශයට පත් කරයි.

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට නියමනය කළ හැකි යැයි මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (25) ප්‍රකාශ කළේය.

මහේස්ත්‍රාත්වරයා එම නිගමනය කර ඇත්තේ තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තා 6ක් සැලකිල්ලට ගනිමිනි.

එ අනුව රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.