FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය සුපිරි නළු සංජය දත්ට පුර්ණ නිදහස හිමී වේ.

පූනේ බන්ධනාගාරයේ සිරගත කර සිටි ඉන්දීය සුපිරි නළු සංජය දත්ට අද (25) නිදහස හිමි‌වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට යහපත් කල්කිරියාව හේතුවෙන් සිරදඬුවම නිම වීමට දින 144කට පෙර ඔහුට නිදහස් වීමට අවස්ථාව ලැබී ඇත.

1993 වසරේදී මුම්බායිහිදී සිදුවූ බෝම්බ පිපිරීමට සම්බන්ධවී ඇතැයි ඔප්පුවීමෙන් පසු ඔහුට වසර 05ක සිරදඬුවම් නියම විය. එම බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 257ක් වූ අතර තුවාල ලැබූවන් ගණන 713කි.

බෝම්බකරැවන්ගෙන් අවි ආයුධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.