FAST NEWS

24×7 Around the Globe

රට පුරා පොහොර හිඟයක් ආණ්ඩුව කිසිවක් කරන්නේ නෑ – අනුර කුමාර

රට පුරා පොහොර හිඟයක්‌ මතුවීම නිසා ගොවියා අපහසුතාවට පත්ව ඇතත් ආණ්‌ඩුව ඊට කිසිවක්‌ නොකර සිටින බව විපක්‍ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

මැදිරිගිරිය ගොවි ජනතාව පොහොර හිඟයට විරෝධය පා උද්ඝෝෂණය කරමින් සිටින බවත්, ආණ්‌ඩුව කිසිවක්‌ නොවූවා සේ සිටින බවද දිසානායක මහතා පැවසුවේය.

අගමැතිවරයා හෝ කෘෂිකර්ම ඇමැතිවරයා හෝ වී අලෙවි මණ්‌ඩලය හිමි ඇමැතිවරයා හෝ මේ සභාවේ සිටියා නම් හොඳයි. පොහොර සහනාධාරය පසුගිය අයවැයෙන් ඉවත් කළා. රුපියල් 25,000 ක දීමනාවක්‌ වසරකට ලබා දෙන බව කිව්වා. දැන් පොහොර හිඟයක්‌ ඇතිවෙලා…. යෑයි අනුර දිසානායක මහතා මෙහිදි වැඩි දුරටත් පවසා සිටියේය.