FAST NEWS

24×7 Around the Globe

මන්තී‍්‍ර දිලූම් අමුණුගම නව පක්ෂයේ නායකයා කවුදැයි ප්‍රසිද්ධියේ කියයි.

එකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම බිහි කිරීමට සූදානම් වන නව පක්ෂය පිළබඳව පසුගිය සමයේ දේශපාලන වේදිකාවේ දැඩි කතාබහක් ඇති කළ මාතෘකාවක් විය.

මෙම පක්ෂයට නියමීත නමක් සලකුණක්  හෝ ආරම්භ කරනු ලබන දිනයක් පිළිදව නිශ්චිතව ප්‍රසිද්ධියට පත්ව නොමැත.

කෙසේ වෙතත් එම සම්බන්ධයෙන් දේශපාලන වේදිකා තුල විවිධ අවස්ථාවන් තුල කතාබහට ලක් වන අවස්ථා පිළිබඳව මාධ්‍ය මගින් වාර්තා කර සිටියි.

කෙසේ වෙතත් මෙතෙක් ප‍්‍රකාශ මාධ්‍ය වෙත අනාවරණය නොවු කරුණක් මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම මහතා මහනුවර පැවති උත්සවයකදී අනාවරණ කර සිටියේය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ නව පක්ෂයේ නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවය.

කෙසේ වෙතත් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කර සිටින්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කැඩිමට කිසිදු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු කටයුතු නොකරන බවය.

එම වුවමනාව ඇත්තේ වෙනත් පාර්ශ්වවලට බවද ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටියි.