FAST NEWS

24×7 Around the Globe

ආන්දෝලනාත්මක ගුවන්යානය ගුවන් හමුදා කෞතුගාරය සන්තකයට.

ආචාර්ය රේ විජයවර්ධනයන් විසින් ශ්‍රී ලංකාව තුල දී පළමුවරට නිෂ්පාදනය කරන ලද පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක්වූ (නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් සොයාගත්) ගුවන් යානය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නවීකරණය කිරීමෙන් පසු හෙට (04දා) රත්මලාන ගුවන් කෞතුකාගාරයට බාරදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ සඳහන් කරයි.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, රේ විජයවර්ධන මහතාගේ පවුලේ සමීපතම ඥාතීන් , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක යන අය සහභාගීවීමට නියමිතය.